inner slider

mess secගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මගින් මහජනයා වෙත සේවාවන් හා පහසුකම් සම්ප්‍රේෂණය කිරීමේ කාර්ය භාරය විශිෂ්ඨ ලෙස නිමකරනු වස් අප අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අංශය විසින් ඉටුකරන කාර්යභාරය අති මහත්ය.

මහජනතාවට සේවාවන් සැපයීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂිත සේවය ප්‍රශස්ථ මට්ටමින් සැලසීම සඳහා වන උපස්ථම්භක සේවා සැපයීම පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අංශය මගින් සිදුකරනු ලැබේ.

කාර්යක්ෂම හා ඵලදායී මහජන සේවයක් සැපයීම උදෙසා කඩිනමින් තොරතුරු ලබා දෙමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලාංකීය ජනතා මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පිටිවහලක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

ඩබ්ලිව්.එච්. කරුණාරත්න
ලේකම්
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය