inner slider

පුහුණුවීම් කටයුතු පර්යේෂණ නිලධාරින්, රියදුරන් සහ අනෙකුත් නිලධාරින්ට වෙන් වෙන් වශයෙන් සිදු කරනු ලබයි. රියදුරු මහත්වරුන් සඳහා පවත්වනු ලබන පුහුණුව කාලීන වශයෙන් ඉතා වැදගත් වන අතර එය න්‍යායාත්මක හා ප‍්‍රායෝගික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.

මෙම වැඩසටහන් මෙහෙයවීම මඟින් පහත සඳහන් ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කරනු ලැබේ.

  • යහපාලනය මඟින් රජයේ ආයතන හා ජනතාව සමඟ යහපත් මහජන සබඳතා ගොඩනංවා ගැනීම
  • පාර්ලිමේන්තු පටිපාටීන් විවිධ පාර්ලිමේන්තු කාරක සභා හා ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම් පිළිබඳ ඔවුන් දැනුවත් කිරිම
  • යහපත් මහජන සබඳතා හා කාර්යාල පටිපාටීන් සමඟ ඵලදායීතා සංකල්ප භාවිතා කරමින් විධිමත් කාර්යාල ක‍්‍රමයක් පවත්වාගෙන යාම මඟින් ජනතාව වෙත ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඔවුන්ට හැකියාව ලබා දීමෙන් ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහාය වීම
  • විමධ්‍යගත අය වැය කළමනාකරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහාය වීම
  • මෙම අමාත්‍යාංශයෙහි ඔවුන්ගේ රාජකාරී සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයට මග පෙන්වීම
  • කාර්ය මණ්ඩලයට හිමි වැටුප්, දීමනා, අත්තිකාරම්, පාරිතෝෂික සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම
  • කාර්යාල උපකරණ නඩත්තු කිරීම හා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීම
  • ගරු මන්ත‍්‍රීතුමා වෙත යම් යම් ගැට`ඵ විසදා ගැනීම සඳහා පැමිණෙන සාමාන්‍ය ජනතාව නිසි පරිදි යොමු කිරීම සඳහා පළාත් මට්ටමේ, දිස්ත‍්‍රික් මට්ටමේ, හා ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කොට ඇති ක්ෂේත‍්‍ර නිලධාරියාගේ කාර්යභාරය

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා පුහුණු වැඩසටහන්වලට පහත සඳහන් ක්ෂේත‍්‍ර ඇතුළත් කර ඇත.

  • කාර්යාල ක‍්‍රමය, සන්නිවේදනය හා මහජන සබඳතා
  • යහපාලනය
  • පාර්ලිමේන්තු වගකීම්, නීති හා උපදෙස්, ස්ථාවර නියෝග
  • අමාත්‍යාංශ පිහිටුවීම හා මන්ත‍්‍රී වරප‍්‍රසාද
  • විමධ්‍යගත අය වැය කළමනාකරණය
  • අමාත්‍යාංශයේ කාර්යභාරයන් හා වගකීම් (පරිපාලන අංශය, සැපයුම් අංශය, මුදල් අංශය)
  • ස්වයං විනය පාලනය

රියදුරු පුහුණුව
වර්තමානයේ බහුල ලෙස සිදුවන රිය අනතුරු ප‍්‍රමාණය අවම කර ගැනීම සඳහා මෙම පුහුණුව කොටස් දෙකකට වර්ග කොට පවත්වනු ලැබේ.

  • ප‍්‍රායෝගික පුහුණුව
  • පිරිමැසුම්දායක රිය පැදවීම
  • නවීන මෝටර් රථ තාක්ෂණය
  • වාහන පැදවීමේ වැරදි භාවිතයෙන්ගෙන් වැළකීම
  • වාහන නිසි කළ සේවා කිරීමේ වැදගත්කම
  • නවීන මෝටර් රථ උපාංග නිවැරදි ලෙස භාවිතා කිරීම
  • වාහන බැටරියක උපරිම ආයු කාලය ලබා ගැනීම
  • දිනපතා කළ යුතු පරීක්ෂාවන් සිදු කිරීම
  • න්‍යායාත්මක පුහුණුව
  • ආරක්ෂිත රිය පැදවීම
  • මාර්ග නීති
  • සංඥ හා වේග සීමා වලට අනුකූලව රිය පැදවීම
  • මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් ලැබිය හැකි සු`ඵ/දැඩි දඬුවම්
  • රජයේ වාහන හා නිල රථ භාවිතයේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන්
  • රියදුරෙකුගේ වගකීම් සහ ආචාර ධර්ම
  • ආකල්ප වැඩි දියුණු කිරීම