inner slider

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නියෝජනය කරනු ලබන ඒ ඒ ඡන්ද කොට්ඨාසයන්ට අදාළ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීමට හැකි වන පරිදි කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුතු කාර්යාල උපකරණ වසර තුනකට වරක් මෙම අංශය මගින් සපයනු ලැබේ.

පහත දක්වා ඇති පරිදි රු 500,000/- ක උපරිම සීමාවකට යටත්ව වසර තුනකට වරක් මෙම අමාත්‍යාංශය මගින් කාර්යාල උපකරණ ලබා ගැනීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිකම ඇත.

පරිගණක (උපාංග සහිතව) -
200,000.00
 
ඡායා පිටපත් යන්ත්‍රය -
150,000.00
 
ජංගම දුරකථනය -
100,000.00
 
ෆැක්ස් -
 50,000.00
 
එකතුව
500,000.00
 

 

ඉහත මුළු වටිනාකමින් 20% ක් එනම් රුපියල් 100,000/- ක් මන්ත්‍රීතුමාගෙන් වාරිකව හෝ එකවර රජයට අයකර ගනු ඇත.