ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලයීය කටයුතු හා මහජනතාවගේ සේවා කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා පහත සඳහන් පරිදි කාර්ය මණ්ඩලයක් ලබා දී ඇත.
තනතුරු සංඛ්‍යාව - 06
- පර්යේෂණ නිලධාරි - 01
- ලේකම් - 01
- යතුරු ලේඛක - 01
- කාර්යාල කාර්ය සහායක - 01
- රියදුරු - 02
පත්වීමේ ස්වාභාවය
- තාවකාලික පත්වීමකි.
- විශ්‍රාම වැටුප් හිමි නොවේ.
- ගරු මන්ත්‍රීවරයෙකුගේ නිල ධූර කාලය වලංගු වන තාක් කල් හෝ මන්ත්‍රිවරයාගේ අභිමතය පරිදි සේවය අවසන් කෙරෙන තාක් කල් මෙම තනතුර පවතිනු ඇත.
- මෙම තනතුර සඳහා පත්වීම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිර්දේශය මත සිදුකරනු ලබයි.
- රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ/ සංස්ථා හෝ බාහිර අයදුම්කරුවන්ගෙන් බඳවා ගැනීම් සිදුකරනු ලබයි.
- පර්යේෂණ නිලධාරි තනතුර සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධියක් තිබිය යුතු වේ.
- රියදුරු තනතුරු සඳහා රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ.
වැටුප්
- රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයෙන් නිලධාරියෙකු මෙම කාර්ය මණ්ඩලයට පත් කරනු ලැබුවහොත් ඔහුගේ/ ඇයගේ නිත්‍ය නතතුරට හිමි වැටුප හෝ මෙම කාර්ය මණ්ඩලයට අදාළ වැටුප හෝ යන දෙකින් වැඩි වැටුප ලබා ගැනීමට හිමිකම් ඇත.
- රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ/ සංස්ථාවක හෝ සේවා නියුක්තිකයින් නිදහස් කරගෙන කාර්ය මණ්ඩලයට බඳවා ගෙන ඇත්නම් ඔවුන්ගේ වැටුප් අදාළ ආයතන වලට ප්‍රතිපූර්ණය කරනු ලබයි.
- වැටුප් ප්‍රතිපූර්ණය කිරීම සඳහා නිත්‍ය සේවා ස්ථානයෙන් ගෙවනු ලබන වැටුප් වාර්තා මාසිකව ගෙන්වා ගැනීම සිදු කරනු ලබයි.
- වැටුප් ප්‍රතිපූර්ණය කිරිමේ දී නිත්‍ය සේවා ස්ථානයෙන් ගෙවනු ලබන මූලික වැටුප, ජීවන වියදම් දීමනාව, විශේෂ දීමනාව, අන්තර් දීමනාව, EPF, ETF ද පමණක් මෙම අමාත්‍යාංශයෙන් ගෙවනු ලබයි.
- ගමන් වියදම්, යැපීම් දීමනා, අතිකාල දීමනා, ප්‍රසාද දීමනා, වෛද්‍ය, රක්ෂණ ආදිය ගෙවනු නොලබයි.
- බාහිරින් බඳවා ගනු ලබන අය සඳහා මෙම අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවනු ලැබේ.
දීමනා
- ගරු මන්ත්‍රීතුමා විසින් නිර්දේශ කරන කාර්ය මණ්ඩලයේ එක් තැනැත්තෙකුට පමණක් රු.400.00 ක මාසික ගමන් වියදම් දීමනාවක් ගෙවනු ලැබේ.
- සිංහල අලූත් අවුරුදු උත්සවය, නත්තල් උත්සවය, රාමසාන් උත්සවය ආදී ජාතික ආගමික උත්සව සඳහා වැටුපෙන් මාසිකව නැවත අය කර ගැනීමේ පදනම මත රු.10,000.00 ක උත්සව අත්තිකාරමක් ගෙවනු ලැබේ.
- මාස 06 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද තැනැත්තෙකුට සේවය අවසන් වීමේ දී පාරිතෝෂික දීමනාවක් හිමි වේ. එය මූලික වැටුපෙන් 20% ක් වන අතර වැඩ කරන ලද මාස ගණන අනුව හිමි වේ.
- රාජ්‍ය සේවයෙන් නිදහස් කර ගන්නා අය සඳහා මෙම දීමනාව හිමි නොවේ.
සේවාවන්
මන්ත්‍රී කාර්ය මණ්ඩල ආයතන අංශය
- මන්ත්‍රී කාර්ය මණ්ඩල පත්කිරීම්, සේවය අවසන් කිරීම.
- මන්ත්‍රී කාර්ය මණ්ඩලයට පත්කිරිමට යෝජිත රජයේ සේවයෙන් නිදහස් කර ගැනීම, තාවකාලික අනුයුක්ත කර ගැනීම, ඔවුන්ගේ වැටුප් ප්‍රතිපූර්ණය කර ගැනීම.
- රජයේ සේවකයන් සඳහා කාර්ය සාධන ඇගයීම් වාර්තා ගෙන්වා ගැනීම හා නිත්‍ය සේවා ස්ථානවලට ඒවා යැවීම (පර්යේෂණ සහකාරවරුන් සඳහා)
- වාර්ෂික වැටුප් වර්ධන නියෝග අනුමත කරවා ගැනීම.
- හැඳුනුම්පත් සැකසීම
- මන්ත්‍රී කාර්ය මණ්ඩලයට අදාළව කැබිනට් පත්‍රිකා සම්බන්ධ කටයුතු
- මන්ත්‍රී කාර්ය මණ්ඩලය පුහුණු කිරීම් කටයුතු