2017-07-15 වන දින පාර්ලිමේන්තු අණපනත් හා කාරකසභා පිළිබඳ ඌව පළාතේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණය පැල්ගහතැන්න, ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී සාර්ථකව පවත්වන ලදි. එම සම්න්ත්රණයට බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ, බදුල්ල දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කාර්යාලවල, මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ, මොණරාගල දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කාර්යාලවල, ඌව පළාත් සභාවේ මාණ්ඩලික නිලධාරීනන් හා ඌව පළාතේ ගරු මන්ත්රීවරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහභාගි විය. 8 වන පාර්ලිමේන්තුවේ ක්රියාත්මක වන ආංශික අධීක්ෂණ කාරක සභා, කාරක සභා පිළිබඳව හා විශේෂ කමිටුවල ක්රියාකාරිත්වය පිළිබඳව දැනුවත් කිරීම මෙම සම්මන්ත්රණයේ මූලික අරමුණ විය.



