2017-09-14 හා 15 දෙදින ඌව පළාතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා පැල්ගහතැන්න, ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී ඉතා සාර්ථක අන්දමින් නිමා විය. ඒ සඳහා මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ පර්යේෂණ නිලධාරී, ලේකම්, යතුරු ලේඛක හා කාර්යාල කාර්ය සහායක නිලධාරීන් සහභාගී විය. එම වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ යහපත් සමාජ සේවාවක් සැලසීම හා මූල්‍ය ප්‍රතිපාදන විධිමත් ආකාරයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.