inner slider

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දෙමළ මාධ්‍ය රියදුරු පුහුණු වැඩසටහනක් 2017-08-24 හා 25 දෙදින බත්තරමුල්ල, පැලවත්ත නිවාස සැලසුම්  හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේදී (CHPB) පවත්වන ලදි.

රියදුරන්ගේ ආකල්ප සංවර්ධනය සහ නවීන වාහන හා නවීන වාහන උපාංග පිළිබඳ දැනුම ලබාදීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය.

ඉතා සාර්ථකව පවත්වන ලද එම පුහුණු වැඩසටහන සඳහා යාපනය, දිගාමඩුල්ල, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, මහනුවර, බදුල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල සහ ජාතික ලයිස්තුවෙන් තේරී පත්වූ ගරු මන්ත්‍රීවරුන්ගේ දෙමළ මාධ්‍ය රියදුරු මහතුන් සහභාගී විය. මෙම පුහුණු වැඩසටහන සඳහා ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණු අතර එය සාර්ථකව නිමා විය.