අමාත්‍යාංශයේ විෂයය පථයට අයත් සියලුම පාලන හා ආයතනික කටයුතු මැනවින් සංවිධානය කොට ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය පාලන අංශයට පැවරී ඇත.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව සම්බන්ධව කටයුතු කිරීම.
- ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සහ අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සමඟ සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සාමාන්‍ය පරිපාලනය හා විනය පවත්වා ගෙන යාම.
- අමාත්‍යාංශ නිලධාරීන්ගේ ආයතන කටයුතු කිරීම.
- නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම.
- අමාත්‍යාංශ කාර්ය මණ්ඩලවලට රාජකාරී හැදුනුම්පත් ලබා දීම.
- අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා අනුව ණය මුදල් අනුමත කිරීම.
- අමාත්‍යාංශය සතුව පවතින සියළුම වාහන නඩත්තුව හා ප්‍රවාහන පහසුකම් සැලසීම.
- දෛනික තැපෑල විධිමත්ව බෙදාහැරීම සහ පිටත යැවෙන ලිපි ක්රමාණුකූලව බෙදා හැරීම තුළින් පරිපාලනය කාර්යක්ෂම කිරීම.
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම.
පරිගණක අංශය
- අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඊට අදාළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික උපාංග ක්‍රියා කරවීම හා නඩත්තුව.
- අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කාර්යක්ෂමව පවත්වා ගෙන යාම.
- ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මගින් ලබා දී ඇති පරිගණක ජාලය පවත්වා ගෙන යාම.
- ප්‍රගති වාර්තා සැකසීමට අදාළ කටයුතු
- අමාත්‍යාංශයේ විෂයය පථයට අදාළ වන තොරතුරු ඇතුළත් දත්ත බැංකු පවත්වාගෙන යාම හා පරිගණක වැඩසටහන් සම්පාදනය කිරීම.
- කාර්යාලයීය නිලධාරීන්ගේ පරිගණක කටයුතු සඳහා සහාය වීම.