inner slider

තිරසාර සංවර්ධන කාර්යභාරයේදී රටේ සම්පත් හා මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමේ භාරදූර කාර්යභාරය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පැවරී ඇත.

මන්ත්‍රීවරුන් හරහා මහජනයා වෙත ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීමට සහයවීම අප අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශයේ ප්‍රධාන අරමුණ වේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂිත මහජන සේවය ප්‍රශස්ත මට්ටමකින් සැලසීම සඳහා වන උපස්ථම්භක සේවා සැපයීමට අපි නිරතුරුවම බැඳී සිටින්නෙමු.

සමස්ත ලංකාවාසී ජනතාව වෙනුවෙන් රට සංවර්ධනය කරා ගෙන යන ගමනේ හමුවන බාධක ජයගෙන රට සංවර්ධනයට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහය සේවාවන් සැපයීමට අප අංශය ඇප කැපවී සිටින්නෙමු.

එච්.ඩී.එස්. මල්කාන්ති

අතිරේක ලේකම්