inner slider

 

අපගේ දැක්ම ......

කාර්යක්ෂම හා සඵලදායී මහජන සේවාවක් උදෙසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සවිමත් කිරීම.

 

අපගේ මෙහෙවර ......

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂිත මහජන සේවය ප්‍රශස්ත මට්ටමකින් සැලසීම සඳහා වන උපස්ථම්භක සේවා සැපයීම.

 

පරමාර්ථ ....

  • අමාත්‍යාංශයෙහි විෂයපථය යටතට එන ප්‍රධාන අරමුණු හා ක්‍රියාකාරකම් :

    • ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කිරීම
    • ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවීම
    • තම නිල කාලය අවසන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට පාරිතෝෂික ගෙවීම
    • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කාර්යාල උපකරණ හා ප්‍රවාහන පහසුකම් සැපයීම
    • ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට තම දිස්ත්‍රික්කවල සියලු ජනතාව වෙත ප්‍රවේශය සඳහා හැකියාව ලබාදෙනු පිණිස ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම
    • ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
  • පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

    • කාර්යාල ක්‍රමය, සන්නිවේදනය හා මහජන සබඳතා
    • යහපාලනය
    • පාර්ලිමේන්තු වගකීම්, නීති හා උපදෙස්, ස්ථාවර නියෝග
    • අමාත්‍යාංශ පිහිටුවීම හා මන්ත්‍රී වරප්‍රසාද
    • විමධ්‍යගත අය වැය කළමනාකරණය
    • අමාත්‍යාංශයේ කාර්යභාරයන් හා වලකීම් (පරිපාලන අංශය, සැපයුම් අංශය, මුදල් අංශ්‍ය)
    • ස්වයං විනය පාලනය