inner slider

ජනතාවට නිවැරදි මතයක් ස්ථාපිත කර ගත හැක්කේ සත්‍ය තොරතුරු පදනම් කරගෙන ය. ඒ අනුව රාජ්‍ය ආයතන තම සෘජු සේවා දායකයන්ටත්, පොදු ජනතාවටත්, ඒ ඒ ආයතන සිදුකරන සේවාවන්, උපදෙස් හා දැනුවත් කිරීම් පිළිබඳව නිරන්තරවම තොරතුරු ලබාදීම අනිවාර්ය වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තු පනතකින්ම තහවුරු කර ඇති වර්තමානයේ එහි ප්‍රතිඵලය ජනතාවට ලබාදීමට මාගේ අමාත්‍යාංශයට අනුබද්ධ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශය සිය වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් නිරන්තරයෙන් ම නවතම තොරතුරු ලබාදීමට ගන්නා ප්‍රයත්නය පසසමි.

ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ගරු ගාම්භීරත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශයට පැවරී ඇති කාර්යභාරය සුවිසල්ය. එය මැනවින්ම අවබෝධ කරගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය පුදකරමි.

 


පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය