inner slider

මෙම අමාත්‍යාංශයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායක සේවාවන් සැපයීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙන පරිදි ඔවුනට පහසුකම් සැපයීම වේ. කාර්යාල උපකරණ, ප්‍රවාහන පහසුකම් හා රක්ෂණ පහසුකම් සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කිරීම, එම කාර්ය මණ්ඩලවලට වැටුප් හා පාරිතෝෂික ගෙවීම සහ ඔවුන් පුහුණු කිරීම මෙම අමාත්‍යාංශය විසින් ඉටු කෙරෙන ප්‍රධාන කාර්යයන්ට අයත්ය.