2005 අගෝස්තු 31 හා 2007 ඔක්තෝබර් 03 දින එළඹි අමාත්‍ය මණ්ඩල තීරණ අනුව 13 වන
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු තීරුබදු රහිත වාහන ආනයන බලපත් සඳහා හිමිකම් ලබා
ඇත.
ඉන්ධන දීමනා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන දීමනාව 2006/10/01 දින සිට පහත දැක්වෙන
පරිදි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසික පදනමක් මත ඉන්ධන දීමනාවක් ගෙවීමට
මෙම අමාත්‍යාංශය මඟින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත.
|
දිස්ත්‍රික්කය |
මාසික දීමනාව රු. |
| කොළඹ |
16,650.00 |
| කළුතර/ගම්පහ |
20,850.00 |
| කෑගල්ල/කුරුණෑගල/රත්නපුර/ගාල්ල/නුවර |
25,000.00 |
| මාතලේ/පුත්තලම/මාතර/නුවරඑළිය |
29,150.00 |
| පොලොන්නරුව/අනුරාධපුරය/ත්‍රිකුණාමලය/කිලිනොච්වි |
33,350.00 |
| මුලතිව්/මඩකලපුව/මන්නාරම/අම්පාර/යාපනය |
37,500.00 |
යථෝක්ත දීමනාවන් මන්ත්‍රීවරුන්ගේ වැටුපට එකතුකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
මහලේකම්වරයා විසින් ගෙවනු ලැබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්
අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැති, ගරු කථානායක, කැබිනට් හා කැබිනට් නොවන
අමාත්‍යවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, විරුද්ධ පක්ෂ නායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය
කමිටු සභාපතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ප්‍රතිශෝධනය කිරීමේ
වගකීම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත පැවරේ.