English Sinhala Tamil

BACK
03. සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු
ලබන අතර එය මුදල් අමාත්‍යාංශයේ ජාතික රක්ෂණ භාර අරමුදලෙන් මෙහෙයවනු ලැබේ. රක්ෂණ
ආවරණය මෙහි පහත විස්තර කෙරෙන පරිදි කොටස් දෙකකින් ලබා දෙනු ඇත.

පෞද්ගලික අනතුරු රක්ෂණය


මෙම යෝජනා ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රු. 1,000,000/=ක මුදලක් සඳහා
රක්ෂණය කරනු ලැබේ. වැඩ වර්ජන, කැරළි හා සිවිල් කැළඹීම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මෙයට
ඇතුළත් වේ. සාමාන්‍ය මරණ මෙයට අයත් නොවන බව සලකනු මැනවි.

ප්‍රතිලාභ

මරණ - 100% ගෙවීම

ස්ථීර දුබලතාව (නොහැකියාව) - රු. 500,000

තාවකාලික දුබලතාව (")        - රු. 250,000



වෛද්‍ය රක්ෂණය

අනතුරු හෝ වෙනත් රෝග සඳහා රෝහල්ගත වීම මෙයින් ආවරණය වන අතර,
එමගින් මන්ත්‍රීවරයකුට වෛද්‍යාධාර හා ශල්‍යකර්ම ගාස්තු වශයෙන් උපරිමය රු.
100,000/=ක් වන ප්‍රතිලාභ ලබාගැනීමට හැකිය. රොහල්ගත වීමේ හා සාත්තු නිවාස ගාස්තු ද, ඖෂධ, විශේෂඥ සේවා, ශල්‍යාගාර ගාස්තු හා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ විශේෂඥ වෛද්‍ය
ආරක්ෂාව මෙයට ඇතුළත් වේ.



රක්ෂණ ආරක්ෂණ අයදුම්පත මෙහි දක්වා ඇත.



© 2007 පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
අංක 464/බී,පන්නිපිටිය පාර,පැලවත්ත,බත්තරමුල්ල.කොළඹ - ශ්‍රී ලංකාව.
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA