පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන පරිගණක හා කාර්යාල ක්‍රම සහ පාර්ලිමේන්තු පටිපාටි සම්බන්ධයෙන් ඵලදායි භාවිතය ගැන නිසි පුහුණුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වලට අවශ්‍ය බව ගරු ඇමතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ අවබෝධ කරගෙන ඇත. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිර්දේශය මත පත්කරනු ලබන ඔවුන්ගේ කාර්ය මණ්ඩල වලට ප්‍රමාණවත් පරිදි පළපුරුද්ද හා දැනුම නොවේ. එම නිසා ඔවුන්ගේ ඡන්ද කොට්ඨාශවල වැඩකටයුතු ඉටුකිරීමේදී ප්‍රමාදයන් සිදුවේ. මගේ අමාත්‍යාංශයෙන් පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර හා ජංගම දුරකථන, ෆැක්ස් යන්ත්‍ර සපයනු ලබන නමුත්, මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවල වැඩි දෙනාට අවශ්‍ය කුශලතාව හා පරිගණක විද්‍යා දැනුම නොමැත. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසමින් එක් එක් ඡන්ද කොට්ඨාශ වලින් තෝරාගනු ලබන පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පරිගණක විද්‍යා දැනුම ලබාදීමට මගේ අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස්කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා දිස්ත්‍රික්ක පදනමක් මත දීප ව්‍යාප්ත පුහුණු වැඩසටහන් දියත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර තිබේ. පුහුණු වැඩ සටහන්වල ප්‍රධාන පරමාර්ථ පහත දැක්වේ