|
|
|
|
01. පෞද්ගලික කාර්ය මණ්ඩල පත්කිරීම්.
|
|
සෑම මන්ත්‍රීවරයකුටම ලේකම්වරයකු, යතුරු ලේඛකයකු, කාර්යාල කාර්ය සහායකයකු හා
රියැදුරකු බැගින් සපයනු ලැබේ. මෙම පත්වීම් සඳහා පහත දැක්වෙන පරිදි වැටුප් ගෙවනු
ලැබේ.
|
තත්ත්වය (තනතුර) |
වැටුප් |
දීමනා |
| i |
ලේකම් |
Rs. 13,760/- |
Rs. 2,125/- |
| ii |
යතුරු ලේඛක |
Rs. 13,520/- |
Rs. 2,125/- |
| iii |
කාර්යාල කාර්ය සහායක |
Rs. 12,230/- |
Rs. 2,125/- |
| iv |
රියදුරු |
Rs. 12,910/- |
Rs. 2,125/- |
මෙම පත්වීම් තාවකාලික පදනමක් මත සිදුකෙරෙන අතර රාජ්‍ය සේවයේ නිලධාරින් එසේ, මා
පත් කළ විට ඔවුන් රාජ්‍ය සේවයෙන් මුදාහැරිය යුතුය. ඔවුන්ගේ වැටුප් අමාත්‍යාංශය
විසින් ප්‍රතිපූරණය කරනු ලැබේ. රියදුරු තනතුරට පත්කරනු ලබන්නේ අදාළ රියදුරු බලපත්‍ර
හා ඔබේ නිර්දේශය ලබාගැනීමෙන් පසුවය. පාර්ලිමේන්තුවේ ඔබේ නිල කාලසීමාව අවසන් වනතුරු
පත්වීම වලංගු වන්නේය. තාවකාලික කාර්ය මණ්ඩල විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන අතර
ඔවුන්ගේ සේවා කාලය අවසානයේදී අදාළ වන ලිත් මාස සංඛ්‍යාව අනුව ඔවුන්ගේ මුළු මාසික
වැටුපෙන් සියයට විස්සක් (20%) බැගින් පාරිතෝෂිතයක් ලෙස ගෙවනු ලැබේ. මෙම තනතුරු හතරට
අමතරව එක් ව්‍යාපෘති සහකාරවරයකු ද පත්කළ හැකිය.
හැඳුනුම්පත් ඔවුන්ගේ සේවා කාල සීමාවන් සඳහා ගරු
මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමාත්‍යාංශය විසින් හැඳුනුම්පත් නිකුත්
කරනු ලැබේ. සේවා සමාප්තියෙන් පසුව පාරිතෝෂිතය සඳහා හිමිකම් ඉදිරිපත් කිරීමට මෙකී
හැඳුනුම්පත් ආපසු භාරදිය යුතුය.
පර්යේෂණ සහකාර මේ දක්වා පැවති බඳවා ගැනීමේ නිර්ණායක
වලට වෙනස්වන පහත දැක්වෙන තත්ත්වයන් අනුව, ගරු පාර්ලිමේන්තු කටයුතු ඇමතිතුමාගේ
පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පර්යේෂණ සහකාර තනතුරට නිලධාරියකු පත්කිරීම සඳහා අමාත්‍ය
මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
පත්කරනු ලබන්නා දීප ව්‍යාප්ත කළමනාකරණ සේවයේ යම්
පත්වීමක් භාර රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරන උපාධියක් හිමි
අයකු විය යුතුය.
එසේ පත්කරනු ලබන උපාධිධරයින්ගේ වැටුප් පාර්ලිමේන්තු කටයුතු
අමාත්‍යාංශය විසින් ප්‍රතිපූරණය කරනු ලැබිය යුතුය.
එවැනි පත්වීම් දරන්නන්ගේ
කාර්ය සාධනය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් අධි-වාර්ෂිකව අදාළ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහාය ඇතිව ඇගයුම් කරනු ලැබේ.
එවැනි පත්වීම්
දරන්නකුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව අදාළ මන්ත්‍රීවරයාට හැඟෙන්නේ නම් හෝ එම
මන්ත්‍රීවරයාගේ සේවා කාලය ඉකුත් වන්නේ නම් එම පර්යේෂණ සහකාරවරයා ඔහුගේ/ඇයගේ ස්ථිර
තනතුරට ආපසු පත්කරනු ලැබිය යුතුය.
|
|
|
|