අපගේ පෙර දැක්ම : ඔවුන්ගේ සේවාවන් ජනතාවට වඩාත් ඵලදායි ලෙස සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම. අපගේ මෙහෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් වඩාත් ඵලදායි ලෙස සැලසීමට හැකිවනු වස් ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ගරු ඇමතිතුමා,ගරු මොහමඩ් හනිෆා මොහමඩ් පාර්ලිමේන්තු මන්ත්රීපාර්ලිමේන්තු කටයුතු ඇමති.දේශපාලන දර්ශනය හා වෙනත් වෙනස්කම් නොසලකා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමාන ලෙස සේවා සැලසීම මගේ අරමුණ වේ. එම නිසා, මෙරට ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අඟනා සේවය වැඩි වැඩියෙන් ලබාදීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවය කිරීමෙහිලා හැකියාව ලැබෙන ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට අප සැලසුම් කර ඇත. මන්ත්‍රීවරුන්ගේ පැතිකඩ - වැඩි විස්තර සඳහා කියවන්න.ඔබ ඔබේ ජීවිතයේ කුමක් අහිමිකර ගත්තත් පාර්ලිමේන්තුව අහිමිකර නොගන්න. ඔබේ ජීවිතය කැප කර හෝ එය ආරක්ෂා කරගන්න.
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ කාර්ය භාරයන් වගකීමෙන් ඉටුකිරීම මෙන්ම අන්තර් ජාතික වශයෙන් පිළිගත් ප්‍රතිපත්ති අනුව එම කාර්යයන් ඉටුකිරීමේ වැදගත් කම පිළිගැනීම. වඩාත් ඵලදායි ලෙස මහජනතාවට සේවා සැලසීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැලසුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි ඇප කැප වෙමු. එසේම ගැටුම්කාරි දේශපාලන වාතාවරණයෙන් බැහැරව ක්‍රියා කරන හා ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවද වන පරිදි තිරසාර සාමය සාක්ෂාත් කරගැනීමට ප්‍රමුඛත්වය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් අපි ක්‍රියා කරමු. අමාත්‍යාංශයේ සාම්ප්‍රදායික භූමිකාවට අමතරව රටේ සංවර්ධන ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස මැදිහත් වීමටද අපි අපේක්ෂා කරමු. දේශපාලන දර්ශනය හා වෙනත් වෙනස්කම් නොසලකා සියලුම මන්ත්‍රීවරුන්ට සමානව සේවය කිරීම අපගේ අරමුණ වේ. එසේම අවශ්‍ය අවස්ථාවන්හි හරවත් මහජන සම්බන්ධතාවය ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහාය වීමට හා ඔවුනොවුන් අතර සම්බන්ධීකරණය ඇති කිරීමටද අපි පියවර ගන්නෙමු.